තවත් කොරෝනා ආසාදිතයින් 75ක්

October 24, 2020 at 10:40 PM

නව කොරෝනා වෛරසය ආසාද්නය් වූ තවත් ආසාදිතයින් 75 දෙනෙකු වාර්තා වෙයි. ඔවුන් සියලු දෙනා මීට පෙර වෛරසය ආසාදනය වූ අයවළුන් ගේ සමීප ආශ්‍රිතයින් බවයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කලේ.

අද දිනයේ දී වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 276 ක් බවයි හමුදාපතිවරයා සඳහන් කළේ.

ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුර ආශ්‍රිතව ඇතිව තිබෙන කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3958ක් වේ.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 7429 ක් වේ. එම පිරිසෙන් සුවය ලබා ඇති සංඛ්‍යාව 3714 ක් වන අතර මේ වන විටත් රෝහල් ගතව සිටින සංඛ්‍යාව 3700 ක් වනවා.