කොරෝනා ආසාදනය වූ සිසු සිසුවියන් 16ක් IDH රෝහලේ උසස් පෙළ විභාගයට : දුම්රිය ධාවනයේ වෙනසක්

October 24, 2020 at 12:29 PM

කොරෝනා වෛරසය ආසාදනය වූ සිසු සිසුවියන් 16 දෙනෙකු මේ වන විට IDH රෝහලේ පිහිටි විශේෂ විභාග මධ්‍යස්ථානයේදී උසස් පෙළ විභාගයට පෙනී සිටින බව කොවිඩ් 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

මේ අතර නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් උසස් පෙළ අපේක්ෂකයින් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් ගමන් කරන දුම්රිය හැර සෙසු දුම්රිය, දුම්රිය ස්ථාන කිහිපයකම නොනවත්වා ධාවන කරන බව දුම්රිය පාලක මැදිරිය දැනුම් දී සිටිනවා.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ ගමන් කරන දුම්රියන් යත්තල්ගොඩ සහ කොළඹ කොටුව අතර දුම්රිය ස්ථානවල නතර නොකරන බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.

පුත්තලම මාර්ගයේ ධාවනය කෙරෙන දුම්රිය වයික්කාල සහ කොළඹ කොටුව දුම්රිය ස්ථාන අතර ද, මුහුදුබඩ මාර්ගයේ ධාවනය කෙරෙන දුම්රිය බෙන්තොට සහ කටුකරුන්ද දුම්රිය ස්ථාන අතරද නොනවත්වා ධාවනය කෙරෙන බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.