පැනගිය කොරෝනා ආසාදිතයා බොරැල්ලෙන් සොයා ගනියි

October 23, 2020 at 1:24 PM

අද උදෑසන 6 ට පමණ කොස්ගම රෝහලෙන් පළා ගිය කොරෝනා වෛරසය ආසාදිත 26 හැවිරිදි තරුණයා බොරැල්ල ප්‍රදේශයෙන් සොයා ගැනීමට හැකිවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

මෙම ආසාදිතයා බොරැල්ල සහස්පුර නිවාස සංකීර්ණයේ 13 වන මහලේ නිවසක සිටියදී සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.