තවත් ආසාදිතයින් 609ක් : පෑලියගොඩ පොකුර තවත් ඉහළට

October 23, 2020 at 6:12 PM

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 609ක් වාර්තා වූ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා. මෙලෙස වාර්තා වූ ආසාදිතයින් ගෙන් පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණයට සම්බන්ධ ආසාදිතයින් 496ක් ද සිටින බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

ඊට අමතරව ගාල්ල ප්‍රදේශයෙන් ආසාදිතයින් 5 දෙනෙක් ද, බේරුවල ප්‍රදේශයෙන් 20ක් ද සිටිනවා. නිරෝධායන මධ්‍යස්ථාන වලින් ආසාදිතයින් 48ක් සහ ආශ්‍රිතයින් 40ක් ද ආසාදිතයින් ලෙස වාර්තා වී ඇත.