කොරෝනා ආසාදිතයෙක් කොස්ගම රෝහලෙන් පළා යයි

October 23, 2020 at 10:40 AM

කොස්ගම ප්‍රදේශයේ පිහිටි කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර සිදුකරනු ලබන රෝහලකට ඇතුලත් කරනු ලැබූ 26 හැවිරිදි කොරෝනා වෛරසය ආසාදනය වූ තරුණයෙකු එම රෝහලෙන් අද උදෑසන 6.00 ට පමණ පැන ගොස් ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.

මෙම ආසාදිතයා අද අළුයම 1.30 ට පමණ රෝහල් ගත කර ඇති අතර ඔහු නව කැළණි පාර, සේදවත්ත, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.