වැල්ලවත්තේ බැංකු සේවකයින් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකුට කොරෝනා

October 18, 2020 at 12:25 PM

වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවක සේවය කරන අලෙවි ප්‍රවර්ධන නිලධාරීන් දෙදෙනෙකුට සහ ඔවුන්ගේ මව්වරුන් දෙදෙනාට කොරෝනා වෛරසය ආසාදනය වී බවට ඊයේ තහවුරු වී තිබෙන බව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර සිටිනවා.

මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ මහරගම, ඇරැව්වල, පතල්වත්ත ප්‍රදේශයෙන් නිවසක සහ පැලැන්වත්ත, කුරුලු උයන ප්‍රදේශයේ පවුල් දෙකකට අයත් පුද්ගලයින්ට බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

මිට දින කිහිපයකට පෙර වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි මෙම පෞද්ගලික බැංකු ශාඛාවේ නිලධාරියෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබු අතර ඔහුගේ සමිපතයින් නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගනු ලැබුවා. ඉන් දින කිහිපයකට පසුව සිදුකළ PCR පරීක්ෂණ වලදී අදාළ බැංකු සේවකයාගේ මවට ද වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී ඇත්තේ.

ගනේමුල්ල බැංකු ශාඛාවක ආසාදිතයකු වැල්ලවත්ත බැංකු ශාඛාවට පැමිණීමත් සමග එහි නිලධාරියෙකුට ඉකුත් 12 වෙනිදා කොවිඩ් 19 වෛරස ආසාදනය වී තිබෙනවා.

මෙම රෝගීන් ආ ගිය බව කියන නිවෙස් 08ක් ද ත්‍රීරෝද රථයක් හා එහි රියදුරු ද ස්වයං නිරෝධායනයට යොමු කොට ඇත. එමෙන්ම මහරගම නගර මධ්‍යයේ පිහිටි රන් භාණ්ඩ අලෙවි සැලක්ද ,ආසාදිතයින් ගමන් කළ වෙළඳසැලක්, ඖෂධ අලෙවි කිරීමේ මධ්‍යස්ථානයක් ද වසා දමා එහි සේවකයින් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත.

මෙම කොරෝනා වෛරසය ආසාදනය වූ පිරිස් නිසා හෙට දිනයේදී පුද්ගලයින් 100 කට අධික පිරිසකට හෙට දිනයේදී PCR පරීක්ෂණ සිදුකිරීමට නියමිත බවයි ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරීන් සඳහන් කළේ.