භාණ්ඩ ඇසුරුමක් මත තිබී සජීවී කොරෝනා වෛරස් සාම්පලයක් ලොව පළමු වරට විද්‍යාඥයින් සොයා ගනියි

October 18, 2020 at 3:28 PM

අපනයන භාණ්ඩ ඇසුරුමක තිබී සජීවී නව කොරෝනා වෛරස සාම්පලයක් හදුනාගැනීමට චීන වසංගත රෝග පාලන මධ්‍යස්ථානය සමත්ව තිබෙනවා.

භාණ්ඩ ඇසුරුමක් මත තිබී සජීවී නව කොරෝනා වෛරසය සොයාගත් ලොව පළමු අවස්ථාව මෙය බවයි චීන සෞඛ්‍ය අංශ උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම සුවිශේෂී සොයාගැනීම සිදුකර ඇත්තේ එරට ක්වින්ඩාවෝ නගරයෙන් පසුගිය දින කිහිපයේදී කොවිඩ් ආසාදිතයින් කිහිපදෙනෙකුම හදුනාගැනීමෙන් පසුව සිදුකළ පර්යේෂණයකින් අනතුරුවයි.

මෙසේ වෛරසය හදුනාගෙන ඇත්තේ ශීත තත්ත්වයෙන් පැවති භාණ්ඩ ඇසුරුමක් මත තිබියදී. බලධාරීන් විශ්වාසය පළකරන්නේ වෛරසය පවතින එම පෘෂ්ඨ ස්පර්ශකිරීමෙන් ඔවුන් මෙසේ රෝගී වන්නට ඇති බවය.