ගම්පහට 5000 අනිද්දා සිට

October 18, 2020 at 12:48 PM

කොවිඞ් 19 වසංගතය පැතිරයාම පාලන සඳහා පනවා ඇති නිරෝධායන ඇදිරි නීතිය හේතුවෙන් සිය ජීවනෝපාය අහිමි වූ ගම්පහ දිස්ති‍්‍රක්කයේ ජනතාවට රුපියල් 5000 දීමනාව ලබා දීම සදහා රජය රුපියල් කෝටි 40ක මුදලක් වෙන් කර තිබෙනවා. අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග පැවසුවේ එම මුදල් ලබා දීමේ පළමු අදියර ලබන අගහරුවාදා සිට ආරම්භ කරන බවයි.

මුලින්ම ඇදිරි නීතිය පැනවූ හා දැනට සංචරන සීමා කර ඇති ගම්මාන 05 ඇතුළුව මිනුවන්ගොඩ, දිවුලපිටිය, වේයන්ගොඩ පොලිස් බල ප‍්‍රදේශ අයත්වන මිනුවන්ගොඩ, දිවුලපිටිය, අත්තනගල්ල, හා මීරිගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල පවුල් 72,345 සදහා මෙම 5000 දීමනාව මුල් අදියරේදී ලබා දීමට නියමිතයි.

මේ අතර ගම්පහ දිස්ති‍්‍රක්කයේ පිඩාවට පත්ව සිටින පවුල් සඳහා වියලි ආහාර මල්ලක් ලබා දීමේ වැඩපිළිවෙලක්ද කි‍්‍රයාත්මක වනවා.

(nethnews.lk)