කාදිනල් හිමියන් ගැන සමාජ මාධ්‍යය ඔස්සේ කාන්තාවක් සිදුකළ ප්‍රකාශය සාවද්‍යයි – අගරදගුරු පරිපාලන ලේකම් පියතුමන් කියයි

October 18, 2020 at 5:51 PM

එක්තරා කාන්තාවක් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේව ඉලක්ක කර ගනිමින් මුදා හැර අති වීඩියෝවක් සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු පදවිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කොට තිබෙනවා.

එම කාන්තාව විසින් සිදුකරනු අන්තර්ගතය සාවද්‍ය පදනම් විරහිත අපහාසාත්මක ජනතාව නොමග යවන සුළු අභූත ප්‍රකාශයක් බවයි කොළඹ අගරදගුරු පදවියේ පරිපාලන ලේකම් ගරු. ඩෙනින්ටන් සුබසිංහ පියතුමා විසින් සඳහන් කරන්නේ.

එමෙන්ම මෙම කාන්තාව සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම සඳහා අදාළ අංශ වෙත පැමිණිලි කොට ඇති බව සඳහන්.