හිටපු අගවිනිසුරු මොහාන් පිරිස්ට රාජතාන්ත්‍රික ධුරයක්

October 17, 2020 at 3:23 PM

විදෙස් සේවයට පත් වූ නව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සිව් දෙනෙක් අරලියගහ මන්දිරයේදී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවුණා.

නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත ලෙස පත් කළ මොහාන් පීරිස්, චීනයේ නව තානාපති ආචාර්ය පාලිත කොහොන , ජපානයේ නව තානාපති සාජිව් ගුණසේකර හා ජිනීවා හි ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත සී. ඒ. චන්ද්‍රපේම මෙසේ අග්‍රාමාත්‍යතුමා හමුවූ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කළේ.

විදෙස් තානාපති සේවයට යන රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින්ට අග්‍රාමාත්‍යතුමා මෙහිදී සුබ පැතුම් එක් කළ අතර නව පත්වීම් ලද මෙම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් නොබෝ දිනකින් සිය තානාපති සේවය සඳහා විදෙස්ගතවීමට නියමිතව ඇත.