රිදම් එෆ් එම් නිවේදන ශිල්පියා රිය අනතුරකින් ජිවිතක්ෂයට

October 17, 2020 at 8:10 AM

රිදම් එෆ් එම් රේඩියෝ නාලිකාවේ නිවේදන ශිල්පියෙකු වන ප්‍රභාෂ්වර විතානගේ ඊයේ අලුයම් කාලයේදී සිදුවූ රිය අනතුරකින් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

නුගේගොඩ, දෙල්කඳ ප්‍රදේශයේ දී මාර්ගය අසල සිටි ප්‍රභාෂ්වර වේගයෙන් පැමිණි කාර් රථයක් යට කොට අසල පිහිටි තාප්පයක ගැටී පෙරලි ගොස් තිබු අතර එහි රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

දිවිගමනින් නික්ම ගිය සහෘදයා වෙනුවෙන් රිදම් එෆ් එම් නාලිකාව ඊයේ දිනයේදී සිය විකාශන කටයුතු මිනිත්තු දෙකක කාලයක් නවත්වා ඔහුට සිය ගෞරවය පුද කර සිටියා.