තවත් කොරෝනා ආසාදිතයින් 73ක්

October 17, 2020 at 4:08 PM

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 73 දෙනෙකු වාර්තා වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

මෙලෙස වාර්තා වූ ආසාදිතයින් ගෙන් දෙදෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුලින් ද සෙසු 71ක් දෙනා ඇගළුම් කම්හල් සේවකයින්ගේ ආශ්‍රිතයින් බව හමුදාපතිවරයා සඳහන් කළේ.

මේ වන විට මිනුවන්ගොඩ කොරෝනා පොකුර ආශ්‍රිතව වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1974ක් වනවා.