තවත් කොරෝනා ආසාදිතයින් 49ක් වාර්තා වෙයි

October 16, 2020 at 7:16 PM

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 49 දෙනෙකු වාර්තා වී ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

මෙලෙස වාර්තා වූ රෝගීන් ගෙන් 35 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින්ද සෙසු 14 ඔවුන්ගේ ආශ්‍රිතයින් වනවා.

මේ වන විට අද දිනයේ රාත්‍රී 7.00 වන විට කොරෝනා ආසාදිතයින් 100ක්වාර්තා වනවා.