රේස් ගිය යතුරුපැදි දෙක පොලිස් ජිප් රියේ ගැටෙයි : OIC ඇතුළු 03ක් රෝහලේ

October 15, 2020 at 10:20 AM

පානදුර උතුර, හේනමුල්ල ප්‍රදේශයේ දී ප්‍රධාන මාර්ගයේ රාත්‍රී කාලයේ අධිවේගී යතුරු පැදිවලින් රේස් ගිය යතුරු පැදි දෙකක් අනතුරට ලක්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ පානදුර උතුර පොලිස් ස්ථානයේ ජීප් රියක මෙම යතුරු පැදි දෙක ගැටී ඇති බවයි. අනතුරින් තුවාල ලැබූ ස්ථානාධිපතිවරයා හා යතුරු පැදිකරුවන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුලත් කොට ඇත.