මිනුවන්ගොඩ පොකුරෙන් තවත් කොරෝනා රෝගීන් 19ක්

October 15, 2020 at 9:51 PM

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 19ක් වාර්තා වූ බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා. මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතව නිරෝධායන මධ්‍යස්ථාන වලින් රෝගීන් 10 දෙනෙක් ද සෙසු 09 දෙනා ඇගළුම් සේවකයින්ගේ ආශ්‍රිතයින් බවයි හමුදාපතිවරයා සඳහන් කළේ.

අද දිනයේ රාත්‍රී 9.00 වන විට වාර්තා වූ සමස්ත කොරෝනා රෝගීන් ගණන 68ක් වන අතර මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතව වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1789 දක්වා වැඩිවී තිබෙනවා.