පාස්කු ප්‍රහාරයට පෙර මෛත්‍රීට ලැබුණු තත්පර 63 දුරකථන ඇමතුම

October 15, 2020 at 9:25 PM

💥 හරස් ප්‍රශ්නවලට මෛත්‍රී කොමිසමේ දුන් උත්තර ටික…..‍

👉කොමිසම – ඉකුත් වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පෙර වනාතවිල්ලුව ලැක්ටෝවත්තෙන් පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයාගත් අවස්ථාවේ
ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනාගෙන් දෙදෙනෙකු නිදහස් කිරීමක් සිදුවූයේද ?

👉මෛත්‍රී – ස්වාමිනි එහෙම නිදහස් කළානම් ඒකට ඒ නිදහස් කරපු කෙනා වගකියන්න ඕනේ.

👉කොමිසම – හිටපු ජනාධිපතිතුමනි මේ වන විට කොමිෂන් සභාව ඉදිරියේ ඉදිරිපත් වෙලා තියෙන ලේඛන අනුව
කොන්දේසි සහිතව ඔවුන් නිදහස් කිරීමට අත්සන් කර තිබෙන්නේ ඔබතුමා.

👉මෛත්‍රී – ( මොහොතක් නිහඩව සිට ) ස්වාමිනි ඒ ඉතිං අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයි, ආරක්ෂක අමාත්‍යාංශයයි
මට අත්සන් කරන්න ලියවිලි හදාගෙන ගේන හින්දනේ.
ජනාධිපතිවරයෙකු ලෙස කොච්චරනම් ලියවිලි වලට මම අත්සන් කරනවාද ?

👉කොමිසම – ඉකුත් වසරේ අප්‍රේල් 21 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුවු දින රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ඔබ සමග දුරකතනයෙන් සම්බන්ධයෙන් වුණාද ?

👉මෛත්‍රී – ඔව් මම සිංගප්පුරු රෝහලේ ඉඳලා හෝටලයට ආවා විතරයි නිලන්ත ජයවර්ධන මහත්මයා මට කතා කළා.
මේ පිපිරීම ගැන කිව්වා. විශාල වශයෙන් ජීවිත විනාශ වෙලා තියෙනවා කියලත් කිව්වා.
මේ වගේ ප්‍රහාරයක් සිදුවිය හැකි බව ආරක්ෂක ලේකම් සහ පොලිස්පති කළින් දැනුවත් කරලා තිබියදිත්
අවශ්‍ය ආරක්ෂක පියවර අරගෙන නැහැ කියලත් කිව්වා

👉කොමිසම – ඔබ විදෙස් ගතවුනේ රෝගි තත්ත්වයකට ප්‍රතිකාර ගන්නද ?

👉මෛත්‍රී – ඔව්

👉කොමිසම – රෝගි තත්ත්වයකට විදෙස් ගතවීමකදි වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයකු පත්කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලය තියෙනවා නේද ?

👉මෛත්‍රී – සමහර ජනාධිපතිවරු එහෙම කරලා තියෙනවා. සමහර අය එහෙම කරලා නැහැ. අනික මට තිබුණේ එච්චර බරපතළ රෝගි තත්ත්වයක් නෙමේ.

👉කොමිසම – ඇයි බරපතළ රෝගි තත්ත්වයක් නෙමේනම් සිංගප්පුරු රෝහලටම ගියේ.
මම එහෙම ඇහැව්වේ ඔබ මේ රටේ සෞඛ්‍ය ඇමතිවරයා ලෙසත් හිටිය නිසා රටේ සෞඛ්‍ය සේවය දියුණු කරන්න ඇතිනේ.

👉මෛත්‍රී – නැහැ මම දිර්ඝ කාලිනව සිංගප්පුරු රෝහලෙන් ප්‍රතිකාර ලබමින් සිටියා.

👉කොමිසම – (විශේෂ අවධානය දුරකතන වාර්තා දෙස යොමුකරමින් ) හිටපු ජනාධිපතිතුමනි ඔබ කියන්නේ ප්‍රහාරය සිදුවුනාට පස්සෙයි
රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ඔබ දැනුවත් කළේ කියලා.
නමුත් පැජට් පාරේ පිහිටි ඔබේ නිවස හරහා නිලන්ත ජයවර්ධන මහතා සිංගප්පුරුවේ සිටි
ඔබේ ප්‍රධාන පෞද්ගලික ආරක්ෂක නිලධාරියා සමග සම්බන්ධ වෙලා තියෙන්නේ
මෙරට වේලාවෙන් පෙ.ව 8.02 ට පමණ. විනාඩියයි තත්පර 03 ක ඇමතුමක් ලෙසයි මෙය සටහන් වෙන්නේ.
පළමු බෝම්බය පිපිරුවේ පෙ.ව 8.45 ට ඒ කියන්නේ මේ ඇමතුම සදහන් වෙන වෙලාව වෙනකොට බෝම්බ පිපිරිලා නැහැ නේද ?
එම ප්‍රශ්නය හමුවේ සුළු මොහොතක් නිහඩව සිටි හිටපු ජනාධිපතිවරයා,

👉මෛත්‍රී – ( මඳක් නිහඬව සිට ) නැහැ මට තොරතුරු හම්බුනේ පිපිරුණාට පස්සේ.

(SOURCES – adaderana)