කොළඹ නගර සභාවේ සේවකයෙකුට කොරෝනා

October 15, 2020 at 1:23 PM

කොළඹ මහ නගර සභාවේ සේවය කරනු ලබන පුද්ගලයෙකු කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයෙක් බවට සිදුකළ PCR වාර්තාවකින් තහවුරු වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා. මෙම සේවකයා කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා.

මේ අතර කළුතර රෝහලේ සේවය කරනු ලබන හෙද නිලධාරිනියකට ද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. මෙම හෙද නිලධාරිනිය පොදු ප්‍රවාහන සේවාවන් භාවිතා කොට ඇති බවට කරුණු වාර්තා වී ඇත.

මෙම කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින්ගේ සමීප ආශ්‍රිතයින් සොයා ඔවුන්ව නිරෝධායන ක්‍රියාවලියට යොමු කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.