ගසක් කඩා වැටීමෙන් කාන්තාවන් දෙදෙනෙකු ජිවිතක්ෂයට

October 14, 2020 at 1:34 PM

බලංගොඩ, පිංනවල, වලවේ වත්ත ප්‍රදේශයේ තේ දළු නෙලමින් සිටි පිරිසක් මතට ගසක් කඩා වැටීමෙන් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තිබේ.

ගස කඩා වැටීමෙන් පසු තිදෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර ඔවුන් බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව පොලීසිය සඳහන් කළේ.

එම අවස්ථාවේදී එම කාන්තාවන් දෙදෙනා මියගොස් තිබෙන බව පොලීසිය සඳහන් කළේ.