කොරෝනා ආසාදිතයින් 113ක් වාර්තා වෙයි

October 14, 2020 at 7:41 PM

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 113 දෙනෙකු මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතව වාර්තා වූ බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

අද දිනයේදී මේ දක්වා වාර්තාවූ සමස්ත කොරෝනා රෝගීන් ගණන 130ක් වනවා.

ඒ අනුව මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිතව ආරම්භ වී තිබෙන කොරෝනා පොකුර ආශ්‍රිත සමස්ත රෝගීන් සංඛ්‍යාව 1721ක් වනවා