රිෂාඩ් අත්අඩංගුවට ගන්න : නීතිපතිගෙන් උපදෙස්

October 13, 2020 at 1:43 PM

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු ලබාගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයා වෙත නියෝග කළ බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම් රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න ප්‍රකාශ කළා.

2019 වසරේ ජනාධිපතිවරණයේදී බස් රථයකින් ජන්ද දායකයින් ප්‍රවාහන කිරීමේ චෝදනාවට මෙලෙස හිටපු ඇමතිවරයාව අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කොට ඇති බවයි නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම්වරිය සඳහන් කළේ.