මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1500 ඉක්මවයි : තවත් ආසාදිතයින් 145ක් වාර්තා වෙයි

October 13, 2020 at 8:46 PM

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 145 දෙනෙකු මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතව හඳුනා ගත් බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.‬

‪ඉන් 48 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින්ද සෙසු 97 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින් වනවා.‬

අද දිනයේ මේ වන විට වාර්තා වූ සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 194ක් වනවා.

මේ වන විට මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්ත ශාලාව හරහා මතුවූ කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1591 ක් වනවා.