මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් තවත් ආසාදිතයින් 49 ක්

October 13, 2020 at 1:54 PM

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරින් තවත් ආසාදිතයින් 49 ක් හඳුනා ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.

එලෙස හඳුනා ගෙන ඇති පිරිසෙන් 32 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින් ද සෙසු 17 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින්ද වනවා.

මේ වන විට මිනුවන්ගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිත සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 1446ක් වනවා.