පුගොඩ පොලිසියේ අත්අඩංගුවට ගෙන සිටියදී මියගිය 21 හැවිරිදි තරුණයා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්

October 13, 2020 at 10:52 AM

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවෙකු පුගොඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී මිය යාම සම්බන්ධයෙන් විමර්ශනය සිදුකිරීමට වැඩබලන පොලිස්පති සි.ඩි. වික්‍රමරත්න විසින් උපදෙස් ලබාදී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ මෙම සැකකරු පසුගිය 11 වෙනිදා මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනාවක් මත අත්අඩංගුවට ගෙන ඇති බවයි. එහිදී ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් මත ඔහුව රාගම රෝහලට ඇතුලත් කොට ඇති අතර එහිදී මෙම සැකකරු ජිවිතක්ෂයට පත්ව ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය සිදුකරන ලෙස ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු පත් කොට ඇති අතර බලය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් කරුණු ඔප්පු වුවහොත් පුගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාට සහ එහි නිලධාරීන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටියා.