කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ කොවිඩ් රෝගීන් ගණන 74 දක්වා ඉහළට

October 13, 2020 at 6:17 PM

කටුනායක සීදුව මහජන සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසය තුළ කොරෝනා ආසාදිතයන් 57 දෙනෙකු අද දිනයේදී හඳුනාගත් බව කොට්ඨාස පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර ප්‍රකාශ කරසිටිනවා.

ඒ අනුව කටුනායක සීදුව මහජන සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසය තුළ මේ වනවිට සමස්ත කොවිඩ් ආසාදිතයන් 102 ක් වාර්තා වන බවයි ඔහු සඳහන් කළේ. ඔවුන් අතරින් වැඩි පිරිසක් කටුනායක නිදහස් වෙළෙඳ කළාපයෙන් වාර්තා වන බවද ඔහු සඳහන් කර සිටිය.

මෙසේ අනාවරණය කර ගත් ආසාදිතයන් අයි.ඩී.එච්. , මුල්ලේරියාව, හෝමාගම, ඉරණවිල සහ ලග්ගල රෝහල් වෙත යොමු කරමින් පවතින බව ද කොට්ඨාස පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සදහන් කර සිටියා.

මේ අතර කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සහ ඉන් පිටත පිහිටා ඇති කම්හල් තුළින් අද වනවිට කොවිඩ් ආසාදිත සේවකයින් 74 දෙනෙකු වාර්තා වන බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා පැවසුවා.

මෙම ආසාදිතයන් අතරින් 62ක් නිදහස් වෙළෙඳ කළාපය තුළ සේවය කරන්නන් වන අතර ඉතිරි 12 එම කළාපයෙන් පිටත පිහිටි කර්මාන්තශාලා වල සේවකයින් වෙන බව ඔහු කියා සිටියා.