මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතව තවත් ආසාදිතයින් 39ක් වාර්තා වෙයි

October 12, 2020 at 1:51 PM

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 39 දෙනෙකු මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිත පොකුරෙන් වාර්තා වූ බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

එලෙස වාර්තා වූ ආසාදිතයින් ගෙන් 25 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුලින්ද සෙසු 14 දෙනා ඇගළුම් කම්හලේ සේවකයින්ගේ සමීප ආශ්‍රිතයින් බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කළේ.

මේ වන විට මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතව වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 1346ක් දක්වා ඉහළ ගොස් ඇත.