මිනුවන්ගොඩ පොකුරෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 51ක් හඳුනා ගැනේ

October 12, 2020 at 7:16 PM

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 51 දෙනෙකු මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිත පොකුරෙන් වාර්තා වී තිබෙනවා.

එලෙස වාර්තා වූ ආසාදිතයින් ගෙන් 15 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුලින්ද සෙසු 36 දෙනා ආශ්‍රිතයින් ඇසුරෙන් වාර්තා වූ බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ඒ අනුව අද දිනයේදී වාර්තා වූ මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 90ක් වනවා.

මේ වන විට මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතව වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 1397ක් දක්වා ඉහළ ගොස් ඇත.