පෞද්ගලික බැංකුවක සේවකයෙකුට කොරෝනා : බැංකු ශාඛාව තාවකාලිකව වසා දැමේ

October 12, 2020 at 1:41 PM

කොළඹ, මැරීන් ඩ්‍රයිව් හි පිහිටි NDB පෞද්ගලික බැංකුවේ සේවකයෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරැ වීම නිසා එම බැංකු ශාඛාව තාවකාලිකව වසා දමා තිබෙනවා.

මේ හේතුවෙන් එම බැංකු ශාඛාවේ සේවය කරනු ලබන සේවකයාගේ සමීප ආශ්‍රිතයින් සහ ඔවුන්ගේ පවුලේ ඥාතින් හට රජයේ නිලධාරීන්ගේ උපදෙස් මත ස්වයං නිරෝධායනය වන ලෙස උපදෙස් ලබාදී ඇත.

මේ වන විට වසා ඇති එම බැංකු ශාඛාව හෙට දිනයේදී යළි විවෘත කිරිමට පියවර ගන්නා බවට බැංකු කළමණාකාරිත්වය දැනුම් දී සිටියි.