ඩොලර් මිලියන 500 ණය සාකච්ජා මට්ටමේ : චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි

October 12, 2020 at 7:27 AM

ශ්‍රී ලංකාවේ මුදල අමාත්‍යාංශය විසින් ඉල්ලා තිබෙන ඩොලර් රුපියල් මිලියන 500ක සහන ණය සම්බන්ධයෙන් සාකච්ජා වෙමින් පවතින බව මෙරට චීන තානාපති කාර්යාලය නිවේදනය කර සිටිනවා.

මෙම ණය මුදල මේ දක්වා පිරිනමා නොමැති බවත් එහි සාකච්ජා තවමත් අවසන් කර නොමැති බවයි තානාපති කාර්යාලය සිය ටිවිට්ර් ගිණුමේ සටහන් කොට ඇත්තේ.

කොවිඩ් 19 වසංගතය හමුවේ ඇතිවී තිබෙන දුෂ්කරතා මගහරවා ගැනීමට හැකි සෑම උපකාරයක්ම සිදුකිරිමට කටයුතු කරන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.