කුලී ගමන් රථ භාවිතා කරන පාරිභෝගිකයින්ගේ දුරකථන අංක ළඟ තබා ගන්න

October 12, 2020 at 8:03 PM

සිය වාහනයේ ගමන් කරන පුද්ගලයින් පිළිබඳ සටහනක් තබා ගන්නා ලෙස පොලිසිය, ත‍්‍රීරෝද රථ රියදුරන් සහ ප‍්‍රවාහන සේවා සපයන කුලී රථ රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා. ඇතැම් පුද්ගලයින්ට කොරෝනා වෛරසය ආසාදනය වූ ආකාරය පිළිබඳ මෙතෙක් හෙළි කරගැනීමට නොහැකි වි ඇති බැවින් එවැනි ගමන් සටහනක් තබාගන්නා ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙන ප‍්‍රදේශවල විවෘත කිරීමට අවසර ලබා දී තිබූ ඔසුසල් සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ අලෙවිසැල් හෙට සිට දින තුනක් වසා දැමිය යුතු බව පොලිසිය දැනුම් දෙනවා.