කටුනායක නිදහස් වෙළෙද කළාපයේ තවත් 22 දෙනෙකුට කොරෝනා

October 12, 2020 at 5:38 PM

කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ අද දින සවස 5.30 වනවිට කොරෝනා ආසාදිත සේවකයින් සංඛ්‍යාව 22 දෙනෙකුගෙන් ඉහළ ඇති බවත් ඒ අනුව මේ දක්වා කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සමස්ථ කොරෝනා ආසාදිත සේවකයින් සංඛ්‍යාව 39 ක් බවත් ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය මිගාර ඈපා පවසනවා.

එමෙන්ම අද දිනය වන විට කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවකයින් 1119 දෙනෙකු පී.සී.ආර්.පරීක්ෂණ සදහා ලක් කර ඇති බවයි ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළේ.

කටුනායක, සීදුව සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසය තුළ කොරෝනා ආසාදිත රෝගීන් 45 දෙනෙකු අද දිනය වනවිට වාර්තා වන බව එම කොට්ඨාසයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර සඳහන් කළා.