මීරිගම නගරයේ සංචරණ සීමා පනවයි : මන්නාරමේ ගම් දෙකක් හුදෙකලා කරයි

October 11, 2020 at 5:51 PM

ඊයේ දිනයේදී කොවිඩ් වෛරසය ආසාදනය වූ රෝගීන් කිහිප දෙනෙකු වාර්තා වීම හේතුවෙන් මීරිගම නගරයට සංචරණ සීමා පැනවීමට පියවර ගත් බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

මේ අතර කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා මන්නාරම දිස්ත්‍රික්කයේ පිහිටි පට්ටියතෝට්ටම් සහ පෙරියකඩේ ගම්මාන දෙක සම්පුර්ණයෙන් හුදෙකලා කිරීමට පියවර ගත් බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කර සිටියේ.