මිනුවන්ගොඩ පොකුරෙන් තවත් ආසාදිතයින් 60ක්

October 11, 2020 at 9:24 PM

‪මිනුවන්ගොඩ ඇගළුම් කම්හලේ පොකුරට සම්බන්ධ නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 60 ක් වාර්තා වී ඇත.

එයින් 48 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අතර සෙසු 12 ඇගළුම් කර්මාන්ත ශාලා සේවකයින්ගේ පළමු ආශ්‍රිතයින් බවයි යුධ හමුදාපති ‬ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ.

අද දිනයේ රාත්‍රී 9.00 වන විට මිනුවන්ගොඩ ආශ්‍රිත මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතව රෝගීන් 121ක් වාර්තා වී ඇත.

මේ වන විට මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතව වාර්තා වන සමස්ත ආසාදිතයින් 1307ක් වනවා.