කැලණිය සරසවියේ සිසුවියකටත් කොරෝනා

October 11, 2020 at 11:53 AM

කැලණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා පිඨයේ, සමාජ සංඛ්‍යාන අධ්‍යනාංශයේ සිසුවියකට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බවට තහවුරු වී ඇති බව එම විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරිය සඳහන් කරසිටිනවා.

මෙම සිසුවිය මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇගේ පියා බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරනු ලබනවා. එම සිසුවියගේ පියාටද සිදුකළ PCR පරීක්ෂණයකින් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

මෙම සිසුවියගේ සමීප ආශ්‍රිතයින් බවට හඳුනා ගෙන තිබෙන තවත් දෙදෙනෙකුගේ PCR පරීක්ෂණ සිදුකිරිමට නියමිතයි.