යුධ හමුදාවේ 14,600 කට අධික පිරිසකට උසස්වීම්

October 10, 2020 at 9:47 AM

71 වන යුධ හමුදා දිනයට සමගාමිව යුද්ධ හමුදාවේ නිලධාරීන් 514 දෙනෙක් සහ සෙසුනිලයින් 14,140 කු වෙත නිල උසස්වීම් ලබාදුන් බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

ඔක්තොම්බර් මස 10 වන අද දිනට යෙදි තිබෙන යුද්ධ හමුදා දිනය නිමිත්තෙන් සිය සිය පණිවුඩය නිකුත් කරමින් මේ බව යුධ හමුදාපතිවරයා  ප්‍රකාශ කර සිටියා.

ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදාධිපති ධුරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව මේ දක්වා නිලධාරීන් 1984 දෙනෙකුට සහ සෙසුනිලයින් 41,910 දෙනෙකුට උසස්වීම් ලබාදී ඇති බව 71 වන යුද්ධ හමුදා සංවත්සරය නිමිත්තෙන් යුද්ධ හමුදාධිපතිතුමන් නිකුත් කළ පණිවුඩයේ සදහන්.

එලෙස උසස්වීම් ලැබූ නිලධාරීන්ගේ විස්තරය පහතින්,