පානදුරේ රෝහලේ හෙදියකගේ දියණියකට කොරෝනා

October 10, 2020 at 1:33 PM

පානදුර මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකය තාවකාලිකව වසා දමා තිබෙනවා. ඒ, ඉකුත් සිව්වනදා එම දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ එම රෝහලේ හෙදියකගේ දියණියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමගයි.

පානදුර මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ රාජකාරී කළ අදාළ හෙදිය සහ එහි කාර්ය මණ්ඩලය නිරෝධායනයට යොමු කර ඇති අතර ඔවුන් පී සී ආර් පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවයි රෝහල් ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ.

කොරෝනා වෛරස ආසාදනය වූ දියණියගේ ගම්පහ ප‍්‍රදේශයේ මිතුරෙකුටද මීට පෙර කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ද අනාවරණය වී තිබෙනවා.

( මුලාශ්‍ර : nethnews.lk)