ජාතික රෝහලේ සේවකයින් 03 කට කොරෝනා

October 10, 2020 at 6:49 PM

කොළඹ ජාතික රෝහලේ සේවය කරනු ලබන සුළු සේවකයින් තිදෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සෞඛ්‍ය බලධාරීන් තහවුරු කර සිටිනවා.

මෙම සේවකයින් ගැවසුණු වාට්ටු සංකීර්ණ දෙකක් සහ ශල්‍යාගාරයක් මේ වන විට වසා දමා ඇති බවයි සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ. මේ අතර එම වාට්ටු සහ ශල්‍යාගාරයේ සේවයේ යෙදුනු සියලුම සෞඛ්‍ය අංශ සේවකයින්ව PCR පරීක්ෂණයකට ලක් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇත.