කොළඹ ළමා රෝහලේ සේවිකාවකට කොරෝනා

October 10, 2020 at 12:46 PM

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සේවය කරනු ලබන කොළඹ 08 ප්‍රදේශයේ තාවකාලිකව නවාතැන් ගෙන සිටින සේවිකාවකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව‍ට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

මෙම සේවිකාව බොරැල්ල ප්‍රදේශයේ තාවකාලිකව නවාතැන් පොළක නතරවී සිට රැකියාවට පැමිණ ඇති බවත් පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකාරියක් වන ඇය මාසයක පමණ කාලයකින් සිය නිවසට පවා ගොස් නොමැති බවට තොතුරු ලැබී ඇති බවයි කොළඹ රිජ්වේ ළමා රෝහලේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය ජී. විජේසුරිය සඳහන් කළේ.

මේ වන විට එම සේවිකාව සේවය කළ රෝහල් වාට්ටුව තුල දැඩි සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවලක් ක්‍රියාත්මක කොට ඇති බවත් කිසිදු අනියත බියක් ඇති කර නොගත යුතු බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ.