කොරෝනා ආසාදනය වී ප්‍රතිකාර ගන්නා සිසුන් 05ක් හෙට IDH රෝහලේදී ශිෂ්‍යත්ව විභාගය ලියයි

October 10, 2020 at 11:48 AM

හෙට (11) දිනයේදී ආරම්භ වීමට නියමිත 05 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින සිසුන් 05 දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බැවින් ඔවුන් ප්‍රතිකාර ලබන කොළඹ IDH රෝහල තුලදීම පිහිටවූ විශේෂ විභාග මධ්‍යස්ථානයක් තුලදී විභාගයට පෙනී සිටීමට නියමිතව ඇති බව විභාග කොමසරිස් ජනරාල් සනත් පුජිත් ප්‍රකාශ කර සිටිනවා.

රෝහල් පරිපාලනය විසින් ලබාදුන් එකඟතාවයක් මත මෙම විභාග මධ්‍යස්ථානය පිහිටුවා ඇති බවයි මේ අවස්ථාවේදී විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.

එමෙන්ම ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග සඳහා පෙනී සිටින සිසුන් සිටින නිරෝධායන මධ්‍යස්ථාන තුළද විශේෂ විභාග මධ්‍යස්ථාන පිහිටුවා ඇති බවත් ඇඳිරි නිතිය පනවා ඇති පොලිස් බල ප්‍රදේශ 18 ක් ආවරණය වන පරිදි පිහිටුවා ඇති විභාග මධ්‍යස්ථාන වලදී සිසුන්ට විභාගයට පෙනී සිටීමට අවශ්‍ය ඉඩකඩ ලබාදී තිබෙන බවට විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියා.

එම විශේෂ විභාග මධ්‍යස්ථාන පහතින් දැක්වේ.