ළමා රෝහලේ මාස 09ක බිලිඳෙක්ට කොරෝනා

October 9, 2020 at 10:30 AM

බොරැල්ලේ රිජ්වේ රෝහලට ඇතුලත් කර සිටි මාස 09 ක් වයසැති බිලිඳෙක්ට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හෙළිවී තිබෙනවා.

එම බිලිඳාව මේ වන විට කොළඹ IDH රෝහලට ඇතුලත් කිරිමට පියවර ගෙන ඇති බවයි බොරැල්ල ළමා රෝහලේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය ජී. විජේසුරිය ප්‍රකාශ කළේ.

කොවිඩ් 19 ආසාදනය වී ඇති මෙම ළදරුවා රිජ්වේ රෝහලේ සිට කොළඹ IDH රෝහලට මාරු කොට යවා තිබෙනවා. මෙම ළදරුවා මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිට බොරැල්ල රිජ්වේ රෝහලට ඇතුලත් කොට ඇත