මිනුවන්ගොඩ ඇගළුම් කම්හලේ කොවිඩ් පොකුරෙන් තවත් රෝගීන් 16ක්

October 9, 2020 at 6:49 PM

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිත පුද්ගලයින් 16 දෙනෙකු හඳුනා ගෙන ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

වාර්තා වන රෝගීන් අතර මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ සේවකයින් දෙදෙනෙක් සහ ඔවුන්ගේ සමිපතයින් 11 දෙනෙක් ඒ අතර වනවා.

අනෙක් ආසාදිතයින් තුන්දෙනා ද මිනුවන්ගොඩ පොකුරේ ආශ්‍රිතයින් බවට සැක කෙරෙනවා.