මන්නාරම අගරදගුරු නිල නිවසේ සේවකයෙක්ට කොරෝනා : 32 කට PCR පරීක්ෂණ අද

October 9, 2020 at 1:10 PM

මන්නාරම අගරදගුරු නිල නිවසේ අලුත්වැඩියා කටයුත්තක් සඳහා හලාවත ප්‍රදේශයේ සිට පැමිණි මේසන් බාස්වරයෙකු අද දිනයේදී නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණයකදී තහවුරුවී ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

මේ හේතුවෙන් මන්නාරම අගරදගුරු නිල නිවසේ සිටින සියලුම පුද්ගලයින්ව PCR පරීක්ෂණයකට ලක් කිරීමට නියමිත අතර එම පරීක්ෂණයෙන් පසුව ඔවුන්ව එහිම ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.

ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කලේ එම අගරදගුරු නිල නිවසේ පුද්ගලයින් 32 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදුකිරීමට පියවර ගෙන ඇති බවයි.