ඊයේ දිනයේදී PCR පරීක්ෂණ 6000ක් : වෛරසය සාමාජ ගතවී ඇත්ද යන්න කිව හැක්කේ ඉදිරි දින 02 තුලදී – විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර

October 9, 2020 at 12:02 PM

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව හරහා ඇතිවූ කොරෝනා පොකුර හේතුවෙන් එම වෛරසය සමාජ ගතව ඇත්ද යන්න සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපයේදී පැහැදිලි අවබෝධයක් ලබා ගත හැකි බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කර සිටිනවා.

මේ වන විට දිවයිනේ ඇතැම් ස්ථාන වලින් වාර්තා වන කොවිඩ් 19 ආසාදනය වූ රෝගීන් වාර්තා වන්නේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයින්ගේ සමිපතයින් බවයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානියා සඳහන් කළේ.

ඊයේ දිනයේදී PCR පරීක්ෂණ 6000ක් සිදුකොට ඇති බව පැවසූ විශේෂඥ වෛද්‍ය සුදත් සමවිර ප්‍රකාශ කළ අතර එම පරීක්ෂණ බහුතරයක් සමාජයෙන් සහ මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් ඇසුරෙන් සිදුකළ බව කියා සිටියා. මේ දක්වා දිවයිනේ සිදුකර ඇති සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 220,000 ඉක්මවා ඇති බවයි ඔහු කියා සිටියේ.

මේ අතර දැනට කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා ඇති ඇදන් ප්‍රමාණය 2000 දක්වා වැඩි කිරිමට පියවර ගත් බවත් අවශ්‍ය නම් එය 3000 දක්වා ඉහළ නැංවීමේ හැකියාවක් ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර කියා සිටියා.