ඇඳිරි නීතිය පැනවූ ප්‍රදේශවල වෙළදසැල් අද උදේ 8 සිට යළි විවෘත කෙරේ : නිවසකින් එක් අයෙකු පමණක් බැහැරට යන්න

October 9, 2020 at 7:30 AM

නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ගම්පහ ප්‍රදේශයේ පිහිටි සතොස, සමුපකාර, සුපිරි වෙළදසැල්, ඖෂධ හල්, ධිවර සංස්ථාව ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ අළෙවි කරන වෙළදසැල් අද පෙරවරු 8.00 සිට රාත්‍රී 8.00 දක්වා විවෘත කිරිමට අවසර ඇති බවත් නිවසකින් එක් අයෙකුට පමණක් පිටතට යාමට හැකි බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

ඇඳිරි නීතිය පනවා තිබියදී ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට මෙම අවස්ථාව හිමිව තිබෙන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ.

මෙම අවසරය අනුව තමන්ගේ අත්‍යාවශ්‍ය භාණ්ඩ ආදිය මිලදී ගැනීමට නිවසට ආසන්න වෙළඳසැල් වලට ගොස් අවශ්‍ය භාණ්ඩ මිලදී ගන්නා ලෙසත් එලෙස නිවෙස් වලින් බැහැරව යාමේදී නිසි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම උපයෝගී කර ගන්නා ලෙස නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.