ඇඳිරි නීතිය පනවන බවට අසත්‍ය පුවත් ප්‍රචාරය කළ තරුණයා රිමාන්ඩ්

October 9, 2020 at 6:32 PM

කොරෝනා වෛරසයට අදාළව රට පුරා ඇදිරි නීතිය ක්‍රියාත්මක කරන  බවට අසත්‍ය පුවතක් ෆේස් බුක් සමාජ මාධ්‍ය තුලින් ප්‍රචාරය කිරීමේ චෝදනාවට අත් අඩංගුවට ගත් 18 හැවිරිදි තරුණයෙක් ඔක්තෝබර් මස 22 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා .

සැකකරු ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂ ව්‍යාජ ලෙස සකස් කොට මෙම අසත්‍ය ප්‍රවෘත්තිය ප්‍රචාරය කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව චෝදනා කර සිටියි. සැකකරු පරිගණක අපරාධ පනතේ 6 වන වගන්තිය යටතේ වරදක් සිදුකර ඇති බවත් ඔහුගේ ක්‍රියාකලාපය හේතුවෙන් ජාතික ආරක්ෂාව අනතුරට හෙලා ජාතීන් අතර නොසන්සුන්තාවක් ඇති කිරීමට උත්සාහ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව චෝදනා කර සිටියා.

කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා සැකකරු මේ මස 22 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරන ලදී .