මිනුවන්ගොඩ පොලිසියේ සියලු දෙනාම නිරෝධායනයට

October 8, 2020 at 2:31 PM

මිනුවන්ගොඩ පොලිස් ස්ථානයට අනියුක්ත සියලුම නිලධාරීන්හට PCR පර්යේෂණ සිදුකිරීමට සහ ඔවුන්ව නිරෝධායනයට ලක් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ ආපන ශාලාවේ සේවය කරනු ලබන සිවිල් සේවකයෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග මෙම පියවර ගත් බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටියේ.

කොරෝනා වෛරසය ආසාදනය වූ මෙම සිවිල් නිලධාරියාගේ පුත්‍රයා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන අයෙක් වන අතර ඔහුට ද වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇති බව සඳහන්.