මිනුවන්ගොඩ ප්‍රදේශයේ මුල්‍ය සමාගමක සේවකයෙකුට කොරෝනා

October 8, 2020 at 2:45 PM

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ මුල්‍ය සමාගමක සේවය කරනු ලබන මුදල් අයකැමිවරයෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

26 හැවිදිරිදී මෙම සේවකයා ජාඇල, කපුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහුව මේ වන විට IDH රෝහලට ඇතුලත් කොට තිබෙනවා.