පාර්ලිමේන්තු සේවකයෙකුගේ පවුලේ සාමාජිකයෙකුට කොරෝනා – කථානායක දැනුම් දෙයි

October 8, 2020 at 12:02 PM

බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ පිහිටා තිබෙන පාර්ලිමේන්තු කටයුතු සේවා අංශයේ සේවකයෙකුගේ සමිපතයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අද පාර්ලිමේන්තුවේදී හෙළිවුවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් පාර්ලිමේන්තුවේදී නගමින් විමසා සිටියේ සිය අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා පාර්ලිමේන්තු කටයුතු සේවා අංශයට ගිය අවස්ථාවේදී ඊට ඇතුල්වීමට ඉඩ නොදුන් බවත් වත්මන් කොවිඩ් තත්ත්වය නිසා එවැනි තීරණයක් ගනු ලැබුවද යන්න ගැන කථානායක මහින්ද යාපා අබේවර්ධන ගෙන් විමසා සිටියා.

එහිදී ඊට පිළිතුරු දෙමින් කථානායකවරයා කියා සිටියේ පාර්ලිමේන්තු කටයුතු සේවා අංශයේ සේවය කරනු ලබන නිලධාරියෙකුගේ පවුලේ ඥාතියෙක්ට කොවිඩ් වෛරසය ආසාදනය වූ බවට තහවුරු වීම නිසා එලෙස පිටස්තර පුද්ගලයින්ට ඇතුල්වීමට ඉඩ ලබා නොදීමට තීරණය කළ බවයි.