පාර්ලිමේන්තු කටයුතු සේවා අංශයේ නිලධාරියාගේ පවුලේ සාමාජිකයාට කොරෝනා නැහැ : අතිරේක ලේකම්වරිය කරුණු පැහැදිලි කරයි

October 8, 2020 at 12:34 PM

බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ පිහිටා තිබෙන පාර්ලිමේන්තු කටයුතු සේවා අංශයේ සේවකයෙකුගේ සමිපතයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අද පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් එම අංශයේ අතිරේක ලේකම් එච්.ඩි.එස්.මල්කාන්ති කරුණු පැහැදිලි කරමින් කියා සිටිනවා.

” අප අංශයේ සේවකයෙකුගේ පවුලේ සාමාජිකයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට මේ දක්වා තහවුරු වී නැහැ. නමුත් එම සේවකයාගේ පවුලේ හිතවත් පවුලක අයෙකු බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයෙක් බවට දැනුම් දී තිබෙනවා. මේ වන විට එම සේවකයාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී නැහැ.

පවතින වත්මන් තත්ත්වය මත අප අංශයට භාහිර පුද්ගලයින්ගේ පැමිණීම සිමා කොට පවතින අතර එහි සේවය කරනු ලබන නිලධාරීන් සිය දෛනික කටයුතු සිදුකරමින් පවතිනවා” යැයි පාර්ලිමේන්තු කටයුතු සේවා අංශයේ අතිරේක ලේකම්වරිය වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් ප්‍රකාශ කර සිටියි.