ප්‍රධාන දුම්රිය මාර්ගයේ ගමන්වාර 15ක් අවලංගු කෙරේ

October 8, 2020 at 9:16 AM

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ස්ථාන 18ක ඊයේ රාත්‍රි 12 සිට දුම්රිය නොනවත්වන බව දුම්රිය බලධාරීන් පවසනවා.

ප්‍රධාන මාර්ගයේ කොළඹ සිට අඹේපුස්ස දක්වා දුම්රිය 15ක් තාවකාලිකව අත්හිටුවන බවයි එම දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. පුත්තලම මාර්ගයේ පේරලන්ද සිට කුරණ දක්වා ද අද රාත්‍රි 12 සිට දුම්රිය නොනවත්වා ගමන් කරන බව වාර්තා වේ.

මෙයට අමතරව බදුල්ල බලා ධාවනය වන දෙනුවර මැණකේ දුම්රිය අද (08) දිනයේ සිට දාවනය නොවන බවත් දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.