චීනයෙන් එන්නේ ඉහළ පෙලේ අය නිරෝධායනයට ලක් කරන්නේ නැහැ – සෞඛ්‍ය ඇමතිනිය පාර්ලිමේන්තුවේදී කියයි

October 8, 2020 at 9:33 PM

චීන කොමියුනිස්ට් පක්ෂයේ සහ එම රජයේ උසස් තනතුරු රැසක් හොඹවන 26 දෙනෙකුගෙන් සමන්විත චීන රජයේ දූත පිරිසක් , දෙදින නිල සංචාරයක් සදහා අද දින රාත්‍රී චීනයට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජික මෙන්ම එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ යෑන් ජෙයිසි (Yang Jiechi ) මහතා මෙම චීන දූත පිරිසේ නායකත්වය දරනු ලබනවා.

මෙම දූත පිරිස රැගත් චීනයේ බෙයිජිං ගුවන් සේවයට අයත් බී.ජේ.එන්.- 099 දරන විශේෂ ගුවන් යානය අද දින රාත්‍රී 7.40 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

මේ අතර මෙම චීන දුත පිරිස ගේ පැමිණීම සම්බන්ධයෙන් විපක්ෂය පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න නගා සිටියා. ඒ මෙම දුත පිරිස නිරෝධායනය නොවී රටට ඇතුල්වීම සම්බන්ධයෙන්.

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කළේ මෙම දුත පිරිස ඉහළ පෙලේ නිලධාරින් කණ්ඩායමක් නිසා ඔවුන්ව නිරෝධායනයට ලක් කිරීමක් සිදු නොකරන බවයි.

මේ එහිදී පලවූ අදහස්,

Memem